Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2024 14:28:52 Hours

20 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ 16 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

20 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් පී.සී.ඩී. ගමගේ ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ අභිමානවත් 16 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 01 දින ඒකක පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.

සංවත්සර දිනයේදී ඒකක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි අණදෙන නිලධාරිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකරනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනීසිටි එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කර සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

සංවත්සර දිනය වෙනුවෙන් 20 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් වෙත ආශිර්වාද එක්කරමින් සීනිගම විහාරස්ථානය සහ කඳවුරු පරිශ්‍රයේදී බෝධි පූජාවක් ද පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.