Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2024 13:46:33 Hours

20 ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

20 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 06) දින ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත පුල්මුඩේ, පරණමැදවච්චිය විද්‍යාලයේ සිසු සිසුවියන් 99 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය පාසල් උපකරණ, ක්‍රීඩා උපකරණ, සංගීත භාණ්ඩ සහ ප්‍රථමාධාර කට්ටල පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

221 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා කොළඹ ප්‍රදේශයේ දානපතිනියක වන පී. කොරතොට මහත්මිය සිය මුල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්නාය.

මෙම උත්සව අවස්ථාව සඳහා 221 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 20 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, නිලධාරීන්, සෙසුනිලයන්, ගුරුභවතුන් සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.