21st September 2023 22:19:32 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය, තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුම යොදාගනිමින් ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ‘එවරස්ට්’ ක්‍රීඩා සමාජයේ අනුග්‍රහකත්වය මත නව නිවසක් ඉදිකරනු ලැබීය.
නව නිවස විවෘත කිරීමේ උත්වස අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ සුරතින් නිවාසලාභී ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි කේ.එස්.කේ. පෙරේරා මහත්මිය සහ ඇගේ පවුලේ සාමාජිකයින් වෙත නව නිවසේ යතුර භාරදෙන ලදී.
613 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය මත 8 බලකා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.
නිවාසලාභි පවුලේ දුෂ්කරතාවයන් පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව අනුග්‍රාහක ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් මෙම නව නිවස ඉදිකිරීමේ කටයුතු සඳහා සිය සහයෝගය දැක්වීය.
නව නිවස ප්‍රතිලාභින් වෙත පවරාදීමේ උත්සවය අවස්ථාව සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බෝපේ, පෝද්දල ප්‍රාදේශීය ලේකම් සහ ‘එවරස්ට්’ ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ. භටපිරිස් විසින් නව නිවසේ වැඩකටයුතු සති කිහිපයකින් අවසන් කරන ලද බැවින් ඔවුන්ගේ කැපවීම පැමිණ සිටි පිරිසගේ සහ අනුග්‍රාහකයන්ගේ ප්‍රශංසාවට ලක්විය.