21st November 2024 08:29:01 Hours
2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම ඒකකය යටතේ සේවයේ නියුතු නිවාස අවශ්‍යතා සහිත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් මැදවච්චිය, ලුණුපහිච්චාව ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. 2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා එම ඒකකයේ විශ්‍රාමික සහ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූහ.
එමෙන්ම, එම භටපිරිස් විසින් මැදවච්චිය, ළිඳවැව ප්‍රදේශයේ වෙසෙන තවත් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්.සී. මලවිආරච්චි ගේ සම්බන්ධීකරණය මත මෙම ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි දර්ශන ගුණසේකර මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වීය.
නව නිවස විවෘත කිරීමේ උත්සවය 2024 නොවැම්බර් මස 19 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගී විය. එහිදී, ආගමික වතාවත් මධ්‍යයේ නව නිවසේ යතුරු එතුමන්ගේ සුරතින් නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙනු ලැබිණි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.