Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2023 21:07:08 Hours

2 (ස්වේච්ජා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මූලිකත්වයෙන් ගර්භනී කාන්තා සෙබළියන් වෙත වියළි ආහාර සලාක පාර්සල්

2 (ස්වේච්ජා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවයේ නියුතු ගර්භනී කාන්තා සෙබළියන් 21 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් සහ මූල්‍යමය ආධාරයන් ලබාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින සිදුකරනු ලැබීය.

එම බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සහභාගි විය.