Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2024 20:00:45 Hours

2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මගපෙන්වීම යටතේ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මහනුවර, අකුරණ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.

මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා කොනකලගල ශ්‍රී විජිත මහා විහාරයේ සහ ශ්‍රී සද්ධානන්ද මහා පිරිවෙනේ විහාරාධිපති පූජ්‍ය සාරද හිමියන් සහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් විසින් මුල්‍ය දායකත්වය ලබා දෙන ලදී.

එම නිවස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 නොවැම්බර් මස 11 දින ප්‍රතිලාභී පවුල වෙත පවරා දෙනු ලැබීය.

මෙම උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රදේශවාසීන් ද එක්ව සිටියහ.