Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th December 2024 15:20:53 Hours

2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් තුලාන, ශ්‍රී බෝධිරාජාරාම පරිශ්‍රයේ වැටී තිබූ බෝධි රුක්‍ෂයක් කපා ඉවත් කරයි

අධික වර්ෂාපතනය සහ තද සුළං හේතුවෙන් රඹෑව, තුලාන ශ්‍රී බෝධිරාජාරාමයේ බෝධි රුක්‍ෂයක් කඩා වැටී විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක් හානියට පත්විය. රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව 2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී 2024 දෙසැම්බර් මස 17 දින කඩා වැටී තිබූ එම බෝධි රුක්‍ෂය කපා ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

213 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.