Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2023 18:38:35 Hours

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් සඳහා ‘ආතති කළමනාකරණය’ පිළිබඳ සැසියක්

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ භටපිරිස් වෙනුවෙන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ මනෝවිද්‍යා උපදේශක කපිතන් එස්.ආර්.ඒ. ද සිල්වා විසින් ‘ආතති කළමනාකරණය’ මැයෙන් හරවත් දේශනයක් පසුගිය බදාදා (ජූලි මස 26) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වූහ.

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් පී.ඩී.එස්.එන් ගුණරත්න ගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙම සැසිය සඳහා නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 90 දෙනෙකු සහභාගි වූහ.