10th December 2023 18:50:44 Hours
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ භටපිරිස් වෙනුවෙන් පසුගිය බදාදා (දෙසැම්බර් මස 06) දින එම ඒකක මූලස්ථානයේදී ‘මනෝ සමාජීය සංවර්ධනය’ පිළිබඳ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මනෝවිද්‍යාව පිළිබඳ උපදේශිකා භාග්‍යා අබේසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් පැවති මෙම පුහුණු සැසිය සඳහා එම ඒකකයේ නිලධාරීන් 10 දෙනෙක් සහ සෙසුනිලයන් 100 දෙනෙකු සහභාගී වූහ.
පුහුණු වැඩසටහන සමාප්තියේ අණදෙන නිලධාරිතුමන් විසින් භාග්‍යා අබේසිංහ මහත්මිය වෙත ඇගයීම් සංකේතයක් පිරිනමනු ලැබීය.