12th March 2024 14:11:42 Hours
බදාදා දින පුහුණු දින වැඩසටහනට සමගාමීව, 2 (ස්වෙච්ඡා) ශ්රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය වෙතින් 2024 මාර්තු මස 06 දින එම ඒකක මූලස්ථාන පරිශ්රයේදී ‘ඉදිරිපත් කිරීමේ කුසලතාවය ප්රවර්ධනය කිරීම’ පිළිබඳ දේශනයක් පැවැත්විණි.
බළලත් නිලධාරී I ඒ.ඒ.එන්.පී. අමරසිංහ විසින් මෙහෙයවනු ලැබූ මෙම දේශනය සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් 50 දෙනෙක් සහභාගී වූහ. 2 (ස්වෙච්ඡා) ශ්රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් පී.ඩී.එස්.එන්. ගුණරත්න ගේ අධීක්ෂණය මත ක්රියාත්මක කරනු ලැබූ මෙම දේශනය ඵලදායී ඉදිරිපත් කිරීමේ ශිල්පීය ක්රම සඳහා සහභාගිවන්නන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්රියාත්මක කෙරිණි.