30th August 2023 19:53:31 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ‘ආපදා කළමනාකරණ පිළිවෙත්’ පිළිබඳව පෙරහුරු අභ්‍යාසය මෙහෙයුමක් කැලණි ගං ඉවුරු ප්‍රදේශයේ පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින සිදුකරන ලදී.
පෙරහුරු අභ්‍යාසය මෙහෙයුමේදී 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් ගංවතුර ආදී හදිසි ආපදා තත්ත්වයන්හිදී ක්‍ෂණික පියවර ගැනීම, මෙහෙයුම් ක්‍රියා පිළිවෙත්, පුද්ගලයින් ඉවත් කිරීමේ ක්‍රම සහ නැවත පදිංචි කිරීම යනාදී න්‍යායික හා ප්‍රායෝගික අංශයන් පිළිබඳව දැනුවත් කෙරිණි.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් ලබාදුන් උපදෙස් මත 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී සහ 144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.වී. කොඩිතුවක්කු ගේ අධීක්‍ෂණය යටතේ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ඇතුළු භටපිරිස් විසින් මෙම පෙරහුරු අභ්‍යාස මෙහෙයුම සාර්ථකව සිදුකරනු ලැබූහ.