19th February 2024 19:04:20 Hours
22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල ජීවත්වන ගැබිණි මව්වරුන් සඳහා වියලි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 13) දින ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් ගැබිණි මව්වරුන් 50 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් 50 ක් බෙදා දෙන ලද අතර, ඒ සඳහා මුල්‍යමය අනුග්‍රාහකත්වය ලෙස්ලි මහතා ඇතුළු එතුමන්ගේ පවුලේ සාමාජිකයින් විසින් ලබාදුන්හ.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ 221 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති කර්නල් කේ.ඒ.එස්.ජේ කොඩිතුවක්කු යූඑස්පී විසින් මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන්හ.