07th February 2024 11:50:24 Hours
2 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් කිලිනොච්චිය, ජයපුරම් මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20) දින පවත්වන ලදී. එම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 552 පබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එස්.එස් රදලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගි වූහ.
ජයපුරම් මිශ්‍ර පාසලේ අධ්‍යාපනය ලබන ළමුන් 60 දෙනෙකු වෙත සහ 55 පාබල සේනාංකයෙහි රාජකාරි කරනු ලබන කොමිෂන් නොලත් නිලධාරීන්ගේ හා සිවිල් සේවක මහතුන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් 40 දෙනෙකු වෙතද එහිදී පාසල් පාවහන් ලබාදෙන ලදී. ෆින්ලන්ත ජාතික දානපතිනියකු වන මිරින්ජා කොන්ටියා මහත්මිය (Mrs. Mirinja Contia) මෙම පරිත්‍යාගයන් සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.
උත්සව අවස්ථාවට 552 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් 2 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.