04th February 2025 15:03:42 Hours
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 2025 ජනවාරි මස 31 දින, 2 විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘දකුණු ආසියාවේ අන්තවාදය සහ ත්‍රස්තවාදය’ යන මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්විය.
එහිදී වත්මන් ප්රවණතා, අනාගත ආරක්ෂක තර්ජන සහ මෙරට ආරක්ෂාවට එමගින් ඇති වන බලපෑම කෙරෙහි අවධානය යොමු කරන ලදී. 59 පාබල සේනාංකයේ සහ සියලුම විශේෂ බලකා ඒකකයන්හි නිලධාරින් 75 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙම සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වූයේ ප්‍රධාන කලාපීය ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දෙන අතරතුර විශේෂ බලකා නිලධාරින්ගේ පර්යේෂණ සහ විශ්ලේෂණ කුසලතා වැඩි දියුණු කිරීමය.