04th April 2024 11:54:44 Hours
19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් පී.එස්.ආර්. පෙරේරා ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (මාර්තු මස 31) දින නෝටන්, විදුලිපුර ප්‍රදේශයේ පිහිටි ‘චන්ද්‍රා විජේරත්න’ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
එහිදී, එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විදුලි ජල තාපක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.
මෙම අවස්ථාව සඳහා 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.