Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2024 20:06:14 Hours

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් අ.පො.ස (සා/පෙළ) විභාගය සඳහා පෙනීසිටින සිසු සිසුවියන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් පවත්වයි

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන්ගේ සංකල්පයකට අනුව එම ඒකකයේ භටපිරිස් 2024 අප්‍රේල් මස 28 දින ලක්‍ෂපාන මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස (සා/පෙළ) විභාගය සඳහා පෙනීසිටින සිසු සිසුවියන්ගේ ගණිත විෂය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීය.

ප්‍රසිද්ධ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය කිත්සිරි ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් පැවති මෙම සම්මන්ත්‍රණය සඳහා සිසු සිසුවියන් 108 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූහ. මෙම සම්මන්ත්‍රණය සඳහා 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක්, සෙසුනිලයන්, ගුරු භවතුන් සහ සිසු සිසුවියන් පිරිසක් සහභාගී වූහ.