27th February 2024 18:26:52 Hours
19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් පී.එස්.ආර්. පෙරේරා ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 23 සහ 24 දෙදින තුළ ශ්‍රී පාදස්ථානයේ සීත ගඟුල පෙදෙසෙහි සව් දන්සැලක් පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුදබිමක් වන ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් 10,000 කට අධික පිරිසක් වෙනුවෙන් 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ අනුග්‍රාහකත්වය මත මෙම දන්සැල සංවිධානය කෙරිණි.