Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th October 2023 17:48:14 Hours

19 වන ආසියානු ක්‍රීඩා උළලේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට

චීනයේ, හෑන්ග්හෝ ප්‍රදේශයේ පසුගිය දා පැවති ‘19 වන ආසියානු ක්‍රීඩා උළලේ’ දී විශිෂ්ට දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 10) දින කොළඹ, බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත සපැමිණි අතර එහිදී ඔවුන් වෙත උණුසුම් පිළිගැනීමක් ලබාදෙනු ලැබීය.

එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් වී.එම්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.

19 වන ආසියානු ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගැනීමට සමත්වූහ. ඒ අතරින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත්හ.

සැප්තැම්බර් මස 23 සිට ඔක්තෝබර් මස 8 දක්වා පැවැති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සාමාජික රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වූහ.

19 වන ආසියානු ක්‍රීඩා උළලේදී ජයග්‍රහණ ලබාගත් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

මීටර් 400 x 4 සහය දිවීම පිරිමි - ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් එච්.කේ.කේ. කුමාරගේ

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සැරයන් එස්.ඒ. දර්ශන

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් ආර්.එම්.ආර්.එන්. රාජකරුණා

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බොඩියර් ජී.ඩී.කේ.කේ. නිකූ

මීටර් 400 x 4 සහය දිවීම පිරිමි ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ක්‍රීඩකයින්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බොඩියර් පී.එම්.පී.එල්. කොඩිකාර

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සාමාන්‍ය සෙබල ඒ.වී.ඩී. දිනුක දේශාන්

හෙල්ල විසිකිරීම (කාන්තා) - රිදී පදක්කම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ

මීටර් 400 x 4 සහය දිවීම කාන්තා කාණ්ඩය - ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් නදීශා රාමනායක