Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th December 2024 14:00:28 Hours

19 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් සධාතුක කරඬුව ශ්‍රී පාදස්ථානයේ උඩමළුව දක්වා වැඩම කරවයි

ශ්‍රී පාද වන්දනා සමයේ ආරම්භය සනිටුහන් කරමින් 19 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් 2024 දෙසැම්බර් මස 14 දින ශ්‍රී පාදස්ථානයේ උඩමළුවේ තැන්පත් කිරීම සඳහා සධාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පෙරහැරකින් උඩමළුව දක්වා වැඩම කරවීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.

මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 642 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 19 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.