17th March 2024 15:38:10 Hours
ශ්‍රී ලංකා ජාතික වුෂු සම්මේලනය විසින් සංවිධානය කරන ලද 18 වැනි ජාතික වුෂු තරඟාවලිය 2024 මාර්තු මස 10 දින සිට 13 දින දක්වා මහරගම ජාතික යොවුන් මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර, තරඟාවලියේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවේ තරඟකරුවන් විසින් හිමිකර ගත්හ.
මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදා තරඟකරුවන් 41 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් ‘Sanda’ කාණ්ඩය යටතේ රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 09 ක් හා ලෝකඩ පදක්කම් 06 ක් සහ ‘Taolu’ කාණ්ඩය යටතේ රන් පදක්කම් 07 ක්, රිදී පදක්කම් 04 ක් හා ලෝකඩ පදක්කම් 06 ක් දිනාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ජාතික වුෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතාගේ ආරාධනයෙන්, විශේෂ ආරාධිතයෙකු ලෙස 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා වුෂු කමිටුවේ සභාපතිවරයා වන මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජි සහභාගි වූහ. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.
යුද්ධ හමුදා පදක්කම්ලාභීන්ගේ ලැයිස්තුව පහත පරිදි වේ.
‘Sanda’ කාණ්ඩය
පිරිමි කිලෝග්‍රෑම් 48 - ලාන්ස් කෝප්‍රල් පී.කේ.ආර්.අයි. පද්මසිරි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
පිරිමි කිලෝග්‍රෑම් 65 - කෝප්‍රල් ආර්.පී.එන්. මධුසංක ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
පිරිමි කිලෝග්‍රෑම් 70 - කෝප්‍රල් එන්.එච්.ඒ. සම්පත් කුමාර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
පිරිමි කිලෝග්‍රෑම් 80 - ලාන්ස් කෝප්‍රල් කේ.එම්. වසන්ත කුමාර විජයබාහු පාබල රෙජිමේන්තුව
කාන්තා කිලෝග්‍රෑම් 48 - ලාන්ස් කෝප්‍රල් කේ.වී.එන්. විජේගුණරත්න ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
කාන්තා කිලෝග්‍රෑම් 60 - කෝප්‍රල් එන්.ජී. බටුවිට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය
‘Taolu’ කාණ්ඩය
කාන්තා - කෝප්‍රල් එච්.එල්.ඩී.ටී.එන්. ගුණසේකර ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය (රන් පදක්කම් 02)
කාන්තා - කාන්තා සංඥා සෙබල බී.එම්.එච් භාග්‍යයා ශ්‍රී ලංකා සංඥා බලකාය (රන් පදක්කම් 02)
පිරිමි - මාණ්ඩලික සැරයන් ඩී.එම්.එච්.සී. බණ්ඩාර සන්නද්ධ බුද්ධි බළකාය
පිරිමි - රයිෆල් සෙබල ඩබ්ලිව්.එම්.එම්.ඩබ්ලිව්.ජී. ජයලත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
කාන්තා - ලාන්ස් කෝප්‍රල් බී.එච්.ඩී.එස්. බුවනෙක, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය