Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2021 18:50:20 Hours

18 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් පාසල් පරිශ්‍රයක් පිරිසිදු කරති

68 වන සේනාංකය යටතේ ස්ථාපිත 682 වන බලසේනාවට අයත් 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් දියත් කරමින් පසුගිය ඉරිදා (25) දින තේවිපුරම් ප්‍රදේශයේ පිහිටි තේවිපුරම් මධ්‍ය විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් සංවිධානය කරනු ලැබූහ.

68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කීර්ති බණ්ඩාර ගේ උපදෙස් සහ 682 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ගලප්පත්ති ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කළහ.