Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th December 2024 14:40:01 Hours

18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් සුදුවැල්ල, පරාක්‍රම පාසලේ සිසුසිසුවියන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 17 දින අම්පාර, මහා වාපි විහාරස්ථානයේදී සංවිධානය කරන ලදී.

එහිදී, එම පාසලේ සිසුසිසුවියන් 148 දෙනෙකු වෙත ප්‍රතිලාභ හිමිවූහ.

මෙම වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය ලුතිනන් කර්නල් ආර්. වික්‍රමසිංහ (විශ්‍රාමික) ඇතුළු Sri Lankan ‘Australian Association in Ballarat’ විසින් ලබාදෙන ලදී. වැඩසටහන අතරතුර, සිසුසිසුවියන් අලංකාරවත් නර්තනයන් හා ගී ගායනාවන් මගින් තම දක්‍ෂතා ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පතිතුමන්, ගුරුභවතුන්, සිසුසිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.