26th November 2024 17:27:03 Hours
143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය මත 2024 නොවැම්බර් මස 24 දින කල්පිටිය, ඉලන්තඩිය මුහුදුබඩ ප්රදේශයේදී වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කරන ලදී.
පරිසර සංරක්ෂණයට දායක වීම, පිරිසිදු වෙරළබඩ ප්රදේශයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ ප්රදේශවාසීන් දැනුවත් කිරීම සහ භටපිරිස් හා ප්රාදේශීය වැසියන් අතර පාරිසරික වගකීම පිළිබඳ හැඟීමක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්රියාත්මක කරන ලදී.
16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් තිදෙනෙක් සහ සෙසුනිලයන් 30 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.