06th August 2023 20:29:10 Hours
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 144 පාබල බලසේනා බල ප්‍රදේශයේ ඇති 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 03) දින ඩෙංගු මර්දනය කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සඳහා දායකත්වය ලබාදෙන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ඩෙංගු වසංගතයට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන මෙම ජාතික වැඩසටහන වෙනුවෙන් දිවයින පුරා රාජකාරියෙහි නියුතු සියලුම භටපිරිස් සිය සහයෝගය ලබාදෙනු ලබයි.
පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක් වාර්තා වූ කොළඹ, ගොතටුව ප්‍රදේශය ආවරණය කරමින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ නගර සභා සේවක මහතුන් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය. එහිදී යුද්ධ හමුදා භටපිරිස් නිවෙස් හා අවට ප්‍රදේශ, පාසල් සහ පොදු ස්ථාන පරීක්‍ෂාවට ලක්කරමින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනා ගැනීම, පිරිසිදු කිරීම සහ ජනතාව අතර ඩෙංගු රෝගය බෝවීම වැළැක්වීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස්හි කාර්යභාර්ය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 144 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලැබීය.