20th August 2023 20:26:43 Hours
මහනුවර, ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ප්‍රධාන කොමසාරිස් වෛද්‍ය ජේ.එම්.නිලාම් විසින් පවත්වන ලද අතර, එහිදී සෞඛ්‍ය සම්පන්න මනසක් පවත්වා ගැනීම සහ මානසික හැගීම් වලින් ජීවිතයට ඇති වන බලපෑම පිළිබඳ වූ විවිධ කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී.
දේශනයේදී වෛද්‍ය නිලාම්, විසින් තාර්කික ලෙස මනසේ ඇතිවන හැඟීම් කළමනාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබාදුන් අතර, විශේෂයෙන් වර්තමාන තරඟකාරී සමාජය තුළ සමබර මානසිකත්වයකින් යුතුව ජීවත්වීමේ වැදගත්කමත් අවධාරණය කළේය. දේශනය තුලින් පවුල් සංකල්ප සහ විවාහ ජීවිතයේ වටිනාකම පිළිබඳව සහ පවුල් ඒකකය තුළ සෞඛ්‍ය සම්පන්න සබඳතාවයක් වර්ධනය කිරීම සඳහා උපදෙස් ලබාදෙමින් තම සහකරු හෝ සහකාරිය සමඟ සාර්ථකව පවුල් ජීවිතය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කරන ලදී.
දේශනය පැවැත්වීමේ මූලික අරමුණ වූයේ තෘප්තිමත් සහ අර්ථවත් පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය දැනුම 144 පාබල බලසේනාවේ භටපිරිස් වෙත ලබාදීමයි. දේශනයේදී මානසික සහ චිත්තවේගී යහපැවැත්මේ ප්‍රධාන අංග මෙන්ම සෞඛ්‍ය සම්පන්න පවුල් සබඳතාවල වැදගත්කම පිළිබඳවත් අවධාරණය කළේය.
දේශනය සඳහා 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ගම්පහ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ දිස්ත්‍රික් කොමසාරිස් රුවන් ශ්‍රී බාලසූරිය මහතා ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 150ක් පමණ සහභාගී වූහ.