Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2024 20:51:42 Hours

141 පාබල බලසේනාව වෙතින් ‘අභිමානවත් සොල්දාදුවා’ මැයෙන් දේශනයක් පවත්වයි

141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ‘අභිමානවත් සොල්දාදුවා’ තේමාව ඔස්සේ මනෝවිද්‍යාත්මක දේශනයක් 2024 දෙසැම්බර් මස 04 දින වේයන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.

එම බලසේනා මූලස්ථානයේ පුහුණු දින වැඩසටහනට සමගාමීව පැවැත්වූ මෙම දේශනය යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් භටපිරිස් දිරිමත් කිරීම සහ අභිප්‍රේරණය කිරීම, පුද්ගල සංවර්ධනය, සමාජ වටිනාකම් සහ වෘත්තීය වගකීම් පිළිබඳ ඔවුන් සතු අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබීය.

නිලධාරින් 12 දෙනෙක් සහ සෙසුනිලයන් 142 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති මෙම දේශනය ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මේජර් එම්.එච්.එම්.එස්. බණ්ඩාර එල්එස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.