Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th March 2024 14:12:53 Hours

14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ඩෙංගු මර්දන වැඩසටහනක්

14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් කේ.ඩී.ඒ. දහනායක ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් ඩෙංගු මර්දනය පිළිබඳව දැනුවත් කිරීමේ සහ පොතුවිල් සිංහල පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 27) දින පවත්වන ලදී.

14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහ එම පාසලේ සිසු සිසුවියන් එක්ව මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සිදුකරනු ලැබූහ.