Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2023 21:00:27 Hours

14 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස් හදිසි ආපදා සේවාවන්හි නිරත වෙති

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, මඩවලමුල්ල ග්‍රාමසේවා වසම හරහා හමා ගිය තද සුළගත් පැවති අධික වර්ෂාවත් හේතුවෙන් නිවාස දෙකක් මතට කඩා වැටී තිබූ නුග ගසක් ඉවත් කිරීමට, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට කඩිනම් ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක සේනා මූලස්ථාන - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයේ 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (02) දින සහය වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් ලබාදුන් උපදෙස් අනුව 613 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉන්දික ජයවීර සහ 14 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පී.එච්.ඒ විජේරත්න ගේ අධික්‍ෂණය මත යුද්ධ හමුදා නිලධාරියෙකු යටතේ භටපිරිස් 15 දෙනෙකු කඩිනමින් එම ස්ථානයට ගොස් ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරනු ලැබූහ.