Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2024 12:37:15 Hours

14 පාබල සේනාංකයේ නිලධාරි වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ නිලධාරී නිවස්න නේවාසිකාගාරය විවෘත කෙරේ

14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ නිලධාරී නිවස්න නේවාසිකාගාරය 2024 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබීය.

එම සේනාංකයේ නිලධාරින්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් මෙම කාමර ප්‍රතිසංස්කරණය කරනු ලැබිණි. මෙම විවෘත කිරීමේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.