Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2023 15:43:06 Hours

14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පණ්ඩරවානි පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ලෝක පරිසර දිනයට සමගාමීව 64 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 641 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පසුගිය සඳුදා (12) දින පණ්ඩරවානි පෙර පාසල් පරිශ්‍රය අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ඩෙංගු රෝගය බෝවන අපද්‍රව්‍ය සහ අනෙකුත් අපද්‍රව්‍යවලින් පෙර පාසල් පරිශ්‍රය අවට අපිරිසිදුව පැවතීම හේතුවෙන් 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පී.එච්.ජී.පී ගුණවර්ධන ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ නිලධාරියෙක් සහ සෙසුනිලයන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම වැඩසටහන සඳහා දායකත්වය දක්වනු ලැබීය.

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 641 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල් කොළොන්න යූඑස්පී ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.