Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th October 2016 13:55:57 Hours

14 වන සේනාංකයේ සේනාංකාධිපති 141 බලසේනා මුලස්ථානයේ සංචාරයක

14 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් කේ.පි.ඒ. ජයසේකර පසුගිය අඟහරුවාදා (04) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත වේයන්ගොඩ පිහිටි 141 බලසේනා මුලස්ථානයේ සංචාරය කරන ලදි.

එහි පැමිණි සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිම ද සිදු කෙරිනි.

එහිදි 141 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ආර්.කේ.කේ.ටි. බණ්ඩාර විසින් බලසේනාවට අයත් වගකීම් හා රාජකාරින් පිළිබඳව සේනාංකාධිපතිතුමා දැනුවත් කළහ.

මෙම සංචාරය සිහිවනු වස් සේනාංකාධිපති විසින් බලසේනා මුලස්ථානයේ පැළයක් රෝපනය කරන ලදි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙදින වැඩසටහන සඳහා එක්ව සිටියහ.

jordan release date | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos