Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2023 21:05:22 Hours

14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ගාල්ල, ගොඩවත්ත විහාරස්ථානය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයට අයත් 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ගාල්ල ඓතිහාසික උණවටුන ගොඩේවත්ත විහාරස්ථානයේ දායක සභාවේ සහයෝගය ඇතිව එම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා පසුගිය දා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූහ. 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් 20 දෙනෙකු මෙම ‘ශ්‍රමදාන’ වැඩසටහනට සඳහා සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.