28th November 2023 09:28:21 Hours
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ (SLFPC) භටපිරිස්හි තාක්‍ෂණික කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ඔවුන් වෙත ග්‍රැෆික්ස් නිර්මාණකරණය පිළිබඳ සංස්කරණ පාඨමාලාවක් හඳුන්වාදෙනු ලැබීය.
භටපිරිස්හි ඒකාකාරි රාජකාරි ස්වභාවයට විවිධත්වයක් එක්කිරීමේ අරමුණින් 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි කර්නල් ඩී.පී.එල්.ටී. කළුඅග්ගල ගේ අධීක්‍ෂණය යටතේ සති අන්ත පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක කෙරුණු මෙම පාඨමාලාව 2023 නොවැම්බර් මස 11 දින ආරම්භ කරනු ලැබිණි.
පාඨමාලාවේ ආරම්භක දේශනය ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.එස්.එස්. ප්‍රනාන්දු යූඑස්පී විසින් සිදුකරනු ලැබීය. මෙම පාඨමාලාවේදී, raster graphics Editing සඳහා Adobe Photoshop මෘදුකාංගය ඇතුළු ග්‍රැෆික්ස් නිර්මාණ සඳහා භාවිතා කරන මෘදුකාංග පිළිබඳ පුහුණුවක් ලබාදෙන ලදී.