Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th December 2024 15:40:43 Hours

122 පාබල බලසේනාවේ සහ 12 බළඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි

122 පාබල බලසේනාවේ සහ 12 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 08 දින යෝධකණ්ඩිය, වැවයාය, කාකබෝධි විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සහ 122 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.එම්.යූ.බී. කොලොන්ගහපිටිය යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ සිදුකරන ලදී.

මෙම වැඩසටහන තිස්සමහාරාම, යෝධකණ්ඩිය, වැවයාය, කාකබෝධි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව ආරම්භ කරන ලදී.