Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

121 බලසේනාවේ සම්බන්ධිකරණයෙන් අඩුආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ

මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල අධ්‍යාපනය ලබන අඩුආදයම්ලාභී පවුල්වල සිසුන් 318 දෙනෙකු සඳහා පාසල් උපකරණ, පාවහන් සහ ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් කැපිටල් සිටි රොටරි සමාජයේ අනුග්‍රහය ඇතිව හම්බන්තොට පිහිටි 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 බලසේනාවේ සම්බන්ධිකරණයෙන් පවත්වන ලදි.

9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 18 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් පරිත්‍යාගශීලින් සමඟ පුර්ණ සහයෝගය ඇතිව සිදු කළ මෙම වැඩසටහන, යුදගනාව රජමහා විහාර පරිශ්‍රයේ දීත්, මොණරාගල ඔක්කම්පිටිය විජයබාහු මහා විද්‍යාල පරිශ්‍රයේ දීත් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා අදාල පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.

bridge media | Nike Shoes