Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2020 21:55:32 Hours

121 වන බලසේනාවේ මුලිකත්වයෙන් මොණරාගල ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාග කරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට යටතේ මොණරාගල ප්‍රදේශයේ ස්ථාපිත 121 වන බලසේනාවේ භටපිරිස් සමාජ වගකීම් ව්‍යාපෘතියක් දියත් කරමින් මොණරාගල දිස්ත්‍රික්කයේ ගලේආරාවා ප්‍රාථමික විද්‍යාලය, කෝන්ගස්පිටිය ප්‍රාථමික විද්‍යාලය සහ බරවාය ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 200 කට අධික පිරිසකට පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

එම පාසල් දරුවන් අත්විදින දුෂ්කරතාවය පිළිබඳ අවධානය යොමු කළ 121 වන බලසේනා මුලස්ථානය, ‘කෙයාරින් හාර්ට්ස් - ශ්‍රී ලංකා’ සංවිධානයේ අනුග්‍රහය ඇතිව මෙම පාසල් උපකරණ තොගය පරිත්‍යාග කරන ලදී.

මොණරගල ගලේආරාව විද්‍යාලයේ ඉකුත් සඳුදා (6) දින පැවති මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දන සෝමවීර සහභාගී විය.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය ආරම්භ වූ අතර එම උත්සවය පාසල් සිසු සිසුවියන්ගේ විනෝදාත්මක අංගයන්ගෙන් වර්ණවත් වූහ. Running Sneakers | Air Jordan