Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th July 2023 21:21:30 Hours

12 සේනාංකයේ භටපිරිස් ඇසළ පෙරහැරට පාගමනින් පැමිණෙන වන්දනාකරුවන් සඳහා ආරක්‍ෂාව සහ සහයෝගය ලබා දෙති

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.පී.ඒ පීරිස් එච්ඩීඑම්සී පීඑස්සීගේ මඟපෙන්වීම යටතේ කතරගම ඇසළ මංගල්‍යයේ ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයන් 243 දෙනෙකු රාජකාරීන් සඳහා යොදවන ලදී. ජූනි මස 12 සිට ජූනි මස 30 දින දක්වා කාලය තුළ පැවැති ‘පාද යාත්‍රාව’ කතරගම වන්දනා ගමනට එක්වූ බැතිමතුන් පාගමනින් කතරගම දක්වා පැමිණෙන අතරතුර ඔවුන් සඳහා පානීය ජලය, වෛද්‍ය ආධාර, ආහාර, තාවකාලික කූඩාරම් සහ කඳවුරු පහසුකම් සපයන ලදී.

බැතිමතුන් යාල ජාතික වනෝද්‍යාන පසුකරන විට 27,000 කට අධික බැතිමතුන් පිරිසක් පැමිණි අතර, ඔවුන් සඳහා 12 පාබල සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ භටපිරිස් අවශ්‍ය සහාය ලබා දුන්හ. ජුලි මස 1 සිට 3 දක්වා කාලය තුළ පෙරහැරේ අවසන් අදියරය දක්වා නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයින් 243 දෙනෙකුගේ ආරක්ෂාව සපයන ලදී.

‘පාද යාත්‍රාව’ කතරගම ඇසළ පෙරහැරට සමගාමීව උතුරු නැඟෙනහිර සිට කතරගම දක්වා වාර්ෂිකව පැවැත්වෙන පාද වන්දනාවකි.