Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2023 18:39:15 Hours

12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වේදී යුද්ධ හමුදාවට විශිෂ්ඨ ජයක්

12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ ‘Road Race’ මැරතන් ඉසව්ව පසුගිය සෙනසුරාදා (ජුනි මස 24) දින පැවති අතර ඒ සඳහා සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කරමින් සියලු අංශවලින් රන් පදක්කම් දිනාගත්හ.

මෙවර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘Road Race’ මැරතන් ඉසව්ව සඳහා ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 කට අධික පිරිසක් සහභාගි වූහ.

‘Road Race’ මැරතන් ඉසව්වේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒකළ අංශයෙන් රන් පදක්කම් 02ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් අතර පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉසව් ද්විත්වයෙන් රන් පදක්කම් හිමිකර ගත්හ. මැරතන් ඉසව්ව උස්වැටකෙයියාව Malima Club House පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර තරඟය කිලෝමීටර් 21 ක දුරකින් යුක්ත විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ එම කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් වී.එම්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී තරඟය ආරම්භයේ සිටම ක්‍රීඩකයන් සමඟ සම්බන්ධ වෙමින් ජයග්‍රහණයන් අත්කර ගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත අවශ්‍ය මඟපෙන්වීම් ලබාදුන්හ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ සභාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

මැරතන් ඉසව්වේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

පිරිමි කාණ්ඩය

රන් පදක්කම - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් ආර්.එම්.එස්. පුෂ්පකුමාර

රිදී පදක්කම - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කෝප්‍රල් කේ. සන්මුගේෂ්වරන්

කණ්ඩායම් ඉසව්ව - රන් පදක්කම

කාන්තා කාණ්ඩය

රන් පදක්කම - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබල එච්.එම්.ඩඩබ්ලිව්.ජී.ඩබ්ලිව්.එම්. හේරත්

ලෝකඩ පදක්කම - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ සාමාන්‍ය සෙබල එච්.එම්.සී.එස්. හේරත්

කණ්ඩායම් ඉසව්ව - රන් පදක්කම