08th January 2024 17:57:27 Hours
දැනට ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 12 පාබල සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් පසුගිය ඉරිදා (ජනවාරි මස 07) දින ප්‍රදේශයේ සියලුම රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන් සමඟ එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූහ.
මෙම ව්‍යාපෘතිය හම්බන්තොට සහ මොනරාගල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාල ආවරණය කරමින් පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 187 දෙනෙකු සහභාගී වූහ. එහිදී, භටපිරිස් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සමඟින් එම ප්‍රදේශයේ නිවාස අවට මදුරුවන් බෝවන ස්ථාන පරීක්‍ෂා කර ජනතාව දැනුවත් කරන ලදී. මෙහිදී එම ප්‍රදේශයේ මදුරුවන් බෝවීමට ඉඩකඩ ඇති පාසල් අවට ස්ථාන සහ පොදු ස්ථාන ආදියද පරීක්‍ෂා කිරීම සිදුකළහ.
12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීවරුන්ගේ නිරීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා සහභාගී වූහ.