Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th May 2023 22:36:28 Hours

12 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ගංවතුරට හසු වූ රෝගී දරුවෙකුගේ ජීවිතය බේරා ගනී

මාතර දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (16) දින අලුයම වැල්ලතොට ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පිටතට යාමට නොහැකිව තම නිවසේම සිරවී සිටි තුන්හැවිරිදි දැරියකගේ ජීවිතය බේරාගැනීමට කඩිනමින් කටයුතු කළහ.

අධික වර්ෂාපතනය හේතුවෙන් මාතර, නිල්වලා ගඟ ඇතැම් පහත් බිම්වලින් පිටාර ගලන බැවින් අවතැන්ව සිටි එම දැරිය අපස්මාරය සහ උණ රෝගයෙන් පෙළෙමින් සිට ඇත. ඒ පිළිබඳ භටපිරිස් දැනුවත් වීමෙන් අනතුරු කඩිනමින් මුදාගැනීමේ මෙහෙයුම් දියත් කරනු ලැබීය.

12 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් බෝට්ටුවක් ආධාරයෙන් ඔවුන්ගේ නිවස වෙත පැමිණ ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් කර රෝගී දැරිය වහාම මාතර මහ රෝහල වෙත රැගෙන යනු ලැබීය. හදිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් අනතුරුව රෝගාතුර වූ දැරිය මවුපියන්ට භාරදුන් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම දිවිගලවාගැනීමේ මෙහෙයුම ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති හා 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 12 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් ක්‍රියාත්මක කරනු ලැබීය.