16th December 2023 07:25:22 Hours
23 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 232 පාබල බලසේනා බල ප්රදේශයේ පිහිටි 12 ශ්රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව භටපිරිස් කිරාන්, පුලිපංචිකාල්, තොප්පිගල, කුඩිඹිමලේ සහ පෙරියවඩ්ඩුවාන් යන ප්රදේශවල ගංවතුර තත්ත්වයෙන් අවතැන් වු සිවිල් වැසියන් 150 කට අධික පිරිසක් දෙසැම්බර් මස 14 සහ 15 දිනයන්හිදී ආරක්ෂිත ස්ථානයන් වෙත රැගෙන යන ලදී.
නැගෙනහිර පලාතේ වාලච්චේන ආරු ප්රදේශයට පවතින අධික වර්ෂාපතන තත්ත්වය මත මඩකලපුව රූගම් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කෝරළේපත්තු දකුණ ප්රදේශයේ ගම්මාන රැසකට ගංවතුර තත්ත්වයක් ඇති වී ඇත.
23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 232 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ පසුගිය බ්රහස්පතින්දා (දෙසැම්බර් මස 13) දින සිට 12 ශ්රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කණ්ඩායක් හදිසි අපදා සහන සේවා කටයුතු සඳහා සූදානම් කර තිබුණි.