Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2016 15:18:55 Hours

12 වන සේනාංක භට පිරිස් ශ්‍රමදාන වැඩසටහනක

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි ජනසුවය ශ්‍රී ගුණානන්ද ළදරු පාසල සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් බ්‍රහස්පතින්දා (01) දින පැවැත් වූ අතර, ඒ සඳහා යුද හමුදා භට පිරිස් ද සහභාගි වන ලදි.

එම ළදරු පාසලේ ප්‍රධාන පාලිකාව විසින් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.ඒ. නුගේරා වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 15 ක් මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා දායකත්වය දැක්විය.

Sneakers Store | Womens Shoes Footwear & Shoes Online