Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th July 2024 20:00:58 Hours

12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් බුත්තල දහම් පාසල් සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

12 පාබල සේනාංකය සහ ‘Hope for Life' ලංකා පදනම සමඟ එක්ව 2024 ජූනි මස 29 දින බුත්තල, අලුත්වෙල රජමහා විහාර දහම් පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ, අභ්‍යාස පොත් සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

121 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.පී.එම්.එන්. සෙනෙවිරත්න යූඑස්පී ගේ සම්බන්ධීකරණය යටතේ පවත්වනු ලැබූ මෙම වැඩසටහනේදී එම දහම් පාසලේ සිසු සිසුවියන් සහ ගුරුවරු 73 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට සහභාගිවූ පිරිස් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වීමෙන් අනතුරුව වැඩසටහනේ කටයුතු අවසන් විය.