Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2023 18:34:38 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස් සඳහා ‘භූමිකම්පා’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් වෙත ‘භූමිකම්පා සහ ආරක්‍ෂක හමුදාවන්ගේ කාර්යභාරය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් හම්බන්තොට සිංගප්පූරු - ශ්‍රී ලංකා මිත්‍රත්ව ශාලාවේදී පසුගිය බදාදා (10) දින, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එන්.එම් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත පැවැත්වීය.

දැනුවත් කිරීමේ වැඩමුළුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ උපදේශක කණ්ඩායමක් විසින් මෙහෙයවන ලදී. වැඩසටහන ආරම්භයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් තුමන් විසින් එම මධ්‍යස්ථානයේ කාර්යභාරය විස්තර කරන ලද අතර, අධ්‍යක්‍ෂ ආපදා අවම කිරීම හා පර්යේෂණ සහ පුහුණු අනෝජා සෙනෙවිරත්න මෙනෙවිය ‘භූමිකම්පා ආපදා අවදානම් කළමනාකරණය’ පිළිබඳ සැසියක් ද පැවැත්වීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ හදිසි මෙහෙයුම් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් ‘භූමිකම්පා තත්ත්වයකදී සෙවීම් සහ මුදාගැනීම් කණ්ඩායම්වල සහ යුද්ධ හමුදාවේ කාර්යභාර්ය’ යන මැයෙන් දේශනයක් පවත්වන ලදී. වැඩමුළුව සඳහා 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 121 සහ 122 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් ඇතුළුව බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් නිලධාරීන් 40 ක් සෙසු නිලයින් 640 ක් සහභාගී වූහ.