Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th November 2024 19:40:17 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි

2 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 22 දින හම්බන්තොට, ගල්වැව විද්‍යාලයේ දී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

වැඩසටහනේ දී සිසුන් 148 දෙනෙකු වෙත පාසල් බෑග් සහ අභ්‍යාස පොත් පිරිනමනු ලැබූහ. මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ‘Access Engineering (Private) Limited’ ආයතනය සහ ‘Sathosa Motors Limited’ ආයතනය විසින් මූල්‍යමය දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහනට සමගාමීව ‘මනුසත් දෙරණ’ වැඩසටහන මගින් එම සිසුන්ගේ පරිහරණය සඳහා ක්‍රීඩා භාණ්ඩ ද පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පතිතුමන්, ගුරුභවතුන්, අනුග්‍රාහක භවතුන්, සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.