Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2024 19:05:01 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් ලුණුගම්වෙහෙර ජලාශය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ලුණුගම්වෙහෙර ජලාශයේ වම් ඉවුර ආශ්‍රිත ප්‍රදේශය පුළුල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ජනවාරි මස 29 දින සිට 31 දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබීය.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත භටපිරිස් විසින් ජලාශයේ ආරක්‍ෂාවට තර්ජනයක් වන අහිතකර ශාක වර්ග ඉවත්කරමින් මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සිදු කරන ලදී.