Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2023 18:07:04 Hours

12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී අගෝස්තු මස 04 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය.

සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ නව සේනාංකාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් සහ භටපිරිස් ද සහභාගී වූහ.