Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2024 18:15:31 Hours

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

වෙල්වැටිතුරෙයි ප්‍රාදේශීය රෝහලේ ඉල්ලීමකට අනුව 11 විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් වෙල්වැටිතුරේ ගණපති මහල් පරිශ්‍රයේදී 2024 මාර්තු මස 03 දින ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී. එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් හා බ්‍රිගේඩියර් එම්.එච්.ආර්. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය මත පැවති මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු ස්වෙච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කළහ.