Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11 වන සේනාංකය වෙතින් පාසල් සිසුන්ට දිවා ආහාරය

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක භට පිරිස් විසින් මහනුවර, ගලහ හිඳගල සීවලි මහා විද්‍යාලය ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් අඟහරුවාදා (07) දින පාසල් අවසන්විමත් සමඟ දිවා ආහාර වේලක් ලබාදෙන ලදි.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ යෝජනාවකට අනුව 11 වන සේනාංකයේ සේනාංකාධිපති එම සේනාංක භට පිරිස් සහයෝගයෙන් ඔවුන්ගේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස මෙම දිවා ආහාර වේල ලබාදීම සිදු කරන ලදි.

11 වන සේනාංකයේ සේවයේ නියුතු සිවිල් සේවකයෙකු වන ඩි.එම් තිලකරත්න මහතාගේ අභාවප්රාප්ත දියණිය වෙනුවෙන් ද පින් පිණිස මෙම ප්‍රජා සත්කාරක සේවය ඉටු කරන ලදි.

මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාන්තා සෙබලියන් සහ සෙසු නිලයින් රැසක් මේ සඳහා සහභාගි වූ අතර, විදුහල් ආචාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විසින් ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුව දිවා ආහාරය ලබාදීම සිදුවිය.

හිඳගල සීවලි මහා විද්‍යාලයේ විදුහල්පති හා ආචාර්ය මණ්ඩලය මෙම යුද්ධ හමුදාව විසින් සිදු කරන මෙම සත්කාරක සේවාව පිළිබඳව ස්තුතිය පළ කරන ලදි.

spy offers | Nike