29th July 2024 17:26:15 Hours
11 ක්‍ෂ්ත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.ජී.සී.කේ. කුඩාගමගේ ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භට පිරිස් විසින් 2024 ජුලි මස 25 දින නාවට්කුලි ලක්දරු පෙර පාසලේ දරුදැරියන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
කාලීන අවශ්‍යතාවයක් වූ මෙම වැඩසටහන එම පෙර පාසලේ ළමුන්, ගුරුභවතුන් සහ දෙමාපියන් විසින් ඉතා අගය කරනු ලැබූ අතර, ප්‍රජා සත්කාර වැඩසටහන පැවැත් වීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත සිය කෘතඥතාව පළ කළේය.